12 හැවිරිදි දැරියක් මවක් කළ සැකකරුවෙක් මාට්ටු
https://33000g.blogspot.com/2014/09/12.html
වයස අවුරුදු 12 යි මාස 06 ක දැරියක් දූෂණය කළ සැකකරුවෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඇය ව වෛද්යවරයෙකු වෙත ඉදිරිපත් කළ විට අනාවරණය වී ඇත්තේ දැරිය මෙ වනවිට ගැබ්ගෙන ඇති බවයි.
අතවරයට ලක් ව ඇත්තේ ඒත්තාල, ආලංකුඩාව පදිංචි ව සිටින දැරියකි. ඇය ව දුෂණය කළ සැකකරු ද එම ප්රදේශයේ ම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
දැරිවිය නිවසේ තනි ව සිටි විට එහි පැමිණ ඇති සැකකරු ඇය ව බිය කර දූෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් කිසිවෙකුට නොකියන ලෙස සැකකරු දැරියට තර්ජනය කර ඇති බැවින් ඇය ද සිද්ධිය රහසක් බවට පත් කර ගෙන හිඳ තිබේ.
තම දියණියගේ ශරීරයේ ඇති වෙනස්කම් සම්බන්ධයෙන් විමසිලිමත් වී ඇති මව්පියන් විසින් කළ විමසීමක දී දැරිය තමාට සිදු වූ අපරාධය හෙළි කර ඇත.
අතවරයට පත් ව ඇති දැරිය කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශණ කල්පිටිය පොලීසිය විසින් සිදු කරයි.
පුත්තලම - ජුඩ් සමන්ත