රැජිණ නැති අතරේ ආරක්ෂකයෙක් ආතල් ගනියි (වීඩියෝ)

රැජිණ නැති අතරේ ආරක්ෂකයෙක් ආතල් ගනියි  (වීඩියෝ)
එංගලන්තයේ බකිංහැම් මාලිගයේ මුර සේවයේ යොදවා ඇති ආරක්ෂක නිළධාරියෙක් රාජකාරිය අතරතුර නැටුමක් නටා හසුවෙයි. 
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ මෙම නිළධාරියා ස්ථාවර මුර සේවයේ යොදවා සිටි නිලධාරියෙක් බවයි. 
බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශේෂ නිළ ඇදුමක් සහ හිස්වැස්මක් පැළද සිටි මෙම ආරක්ෂක සෙබලා ඔහුටම ආවේණික ගමනකින් වෙන්කර ඇති සීමාවේ පෙළපාළියකට අනුව ගමන් කළ යුතුව තිබේ.
මෙලෙස රාජකාරි කටයුතු සඳහා යෙදී සිටින අතර අදාළ නිළධාරියා නටන ආකාරය සහ බිම තිබෙන යමක් ඇහිදින ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර අන්තර් ජාලයට එක් කර තිබේ.
මෙම වීඩියෝව බකිංහැම් මාළිගයේ ආරක්ෂක ප්‍රදානීන් වෙත ද ලැබී ඇති අතර ඔවුන් මේ  නිළධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.
මෙම නිළධාරියා නටමින් රාජකාරි කටයුතු කරන අවස්ථාවේ මහ රැජිණ නිවාඩුවක් සඳහා බැහැරට ගොස් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

Related

video 5729372670372666851

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item