කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබා ගනියි


කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී අද දහවල් සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මෙලෙස ගිනි තබා ගත් පුද්ගලයා හැත්තෑ දෙවන වියේ පසුවන අයෙකු බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා.

උදෑසන 10.30ට පමණ කොල්ලූපිටිය පොලීසිය අසලට පැමිණි පුද්ගලයෙක් යම්කිසි ලිහිසි තෙල් වර්ගයක් තම සිරුරට දමාගෙන ගිනි තබාගෙන තිබෙනවා. මොහු වයස අවුරුදු 72ක පමණ පුද්ගලයෙක් බවත් වාර්තා වෙනවා. එසේම ඔහු සතුව මුද්‍රා තබන ලද ලිපියක් තිබී තිබෙනවා. එය මෙතෙක් විවෘත කර නැහැ. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට යවා තිබෙනවා. ගිනි තබා ගත් පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි පවසනවා. මෙම පුද්ගලයා කුමන ප‍්‍රදේශයක පුද්ගලයෙක්ද, කුමන අරමුණකින් මෙම ගිනි තබා ගැනීම සිදු කළාද යන්න සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් පැවැත්වෙනවා.

Related

Hot News 901792899078222144

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item