අමරණීයත්වය පිළිබඳ බලාපොරොත්තුවක් !



ඕනෑම කෙනෙකු උපතින්ම මරණය රැගෙන ආවද නොමැරී ජිවත්වන්නට සැවොම කැමතිය. ඒ පෘතග්ජන ස්භාවයයි. එහෙත් යමෙකුට අමරණීයත්වයට පත්විය හැකි ක්‍රමයක් මෙතෙක් කිසිවකු සොයාගෙන නැත.

1979 සිට මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ජපානයේ ක්යොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා අමරණීයත්වයට පත්වියහැකි ජෙල් ෆිෂ් විශේෂයක් සොයාගෙන තිබේ.

"දිනක් ප්ලවාංග සහිත මගේ දැලේ රතු පැහැ ජෙලි ෆිෂ් කෙනෙකු සිටිය. උලග් සිරුර පුරා තියුණු කෝටු ඇනී තිබණ. මම ඒ කෝටු ගලවල ඉවත්කළා. මට ඔන වුණේ සතාව සුවපත් කරගන්නයි. ඒ වස්ථාවෙ උෟ හැකිළුණා. නමුත් ඌ ඉක්මනින්ම තිරිහන් වුණා. ඒ නිසාම මේ මුහුදු සත්වයාගෙන් සදාතනික ජීවිතය ගැන යම් අදහසක් ගත හැකි බවට මට විශ්වාසයක් ඇතිවුණා" මහාචාර්ය කුබෝටා පවසන්නේය.

මෙම සත්වයා පිළිබඳ දිගින් දිගටප පර්යේෂණ කළ මහාචාර්ය වරයා පවසන්නේ මොවුන්තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන්කොට එහිදී යළි බිළිඳු අවධියට පත්වන බවයි. එහිදී මුලින්ම බහු දාදිකයෙක් බවට පත්වන මෙම සත්වයා යලි වැඩුණු ජෙලි ෆිෂ් කෙනෙකු බවට පත්වේ. ඊට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්ය කුබෝටා පවසයි.

මහාචාර්යවරයා එක් සත්ත්වයකු අවස්ථා 12දී තිරිහන් කර තිබේ. මින් තිරිහන්වීම සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තුවක් ලබාගත හැකි බව හෙතෙම පවසයි.
Jelly Fish www.nethfm.com001 Jelly Fish www.nethfm.com002 Jelly Fish www.nethfm.com003

Related

Story 3776805569630309918

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item