දිසාපති මැදුරේ සිටි දිවි මකුළුවා වනජීවියෙන් ගෙනියයි



වවුනියාව දිස්ති‍්‍රක් ලේකම් නිල නිවසේ සිටියදි උග‍්‍ර විෂ සහිත දිවි මකුළුවෙකු (Poecilotheria fasciata)  අද (02) සොයාගැනුනා. දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල නිවසේ සේවකයින් මෙම මකුළුවා පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් මකුළුවා අල්ලා රැගෙනගොස් තිබෙනවා.

වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරි එම්.ඩී.එල්.ලයනල් මහතා පැවසුවේ ප‍්‍රදේශයට පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් අදාළ මකුළුවා දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල නිවසේ ශිතල පවතින ස්ථානයකට පැමිණෙන්නට ඇති බවය.

සිංහරාජ වනය ආශී‍්‍රතව හා ශිත දේශගුණය සහිත ප‍්‍රදේශයන්හි ජිවත් වන අදාළ මකුළු විශේෂය උතුරු පළාතේ දක්නට ලැබීම දුලබ වන බැවිද එම්.ඩී.එල්.ලයනල් මහතා පවසනවා.

Related

Gossip 6055592995423335494

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item