මළ මිනී බැදලා කන භූතානයේ මිනිස්සු
https://33000g.blogspot.com/2014/09/blog-post_84.html
යකෙක් කන්න බඩ ගිනී... ඒ කාගෙත් මුවින් බඩගින්න වැඩී වූ විට පිටවන වදනකි. බඩගින්නට යකෙක් කන්න හිතුනත්... බඩගින්නට මිනිහෙක් කන්න කියල හිතෙනවද ඔබට... මම හිතන්නේ එහෙම හිතෙන්න විදියක් නැහැ. මොකද අපි ශ්‍රී ලාංකිකයො වශයෙන් ශ්‍රේෂ්ඨ ජාතියකට, සංස්කෘතියකට උරුමකම් කියන මිනිසුන් නිසාවෙනි. නමුත් මේ කියන්න යනනේ දකුනු ආසියාවේ සාෆ් කළාපීය රටක් වන භූතාන රාජ්‍යයේ සිදු වූ ඇඟ කිලිපොලා යන හිරිකිත කතාවකි...
මැදිව්යේ පසුවන මිනිසෙකුගේ මෘත ශරීරයක මස් ක්‍රමානුකූලව කපා ඉවත් කර... ගැබුරු තෙලේ බැද ආහාරයට ගන්නා මෙම ඡායාරූප පෙල අන්තර්ජාලයේ පලවීමත් සමඟ ලොව පුරා බොහෝ දෙනෙක් මේ සම්භන්ඳව කතා කරන්නට විය. නමුත්.., මෙම සිද්දිය කොහේ කොතැනක සිදු වූ දෙයක්ද යන්න පිලිබඳව වාර්තා නොවිය. ඒ නිසාම මේ පිලිබඳ අවධානය එතරම් යොමු නොවීය.
නමුත් අප මේ පිලිබඳව සොයා බැලුවේ මෙවන් දේවල් ලෝකයේ සිදු වේද යන්න දෙගිඩියාවෙනි. කතාව සත්‍යකි. ඡායා රූප කිසිවක් සංස්කරණයකට භාජනය වී නොමැත. මෙම මෘත ශරීරය ආහාරයට ගනු ලබන්නේ භූතානයේ සොහොන් පිරිසිදු කිරීමේ පදනමක තිස් දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමකි. ඊට අමතරව භූතානයේ ආරක්ෂක සේවයේ නියැලෙන නිළධාරීන් පස්දෙනෙකු සිටීමද විශේෂත්වයකි. කෙසේ හෝ මොවුන්ගෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට භූතාන පොලීසියට හැකිවී ඇති බව වාර්තාවේ. මෙම කන්ඩායම කාලයක පටන් මෙම ක්‍රියාව මේ ආකාරයට කරගෙන එන්නට ඇති බවට මේ පිලිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ සැක පල කරයි.
භූතාන රාජධානිය සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව සතියක් තුළදී ලෝකයේ මිල අධිකම ආහාර පරිභෝජනයක් දක්නට ලැබෙන්නේ ජර්මානු පවුල තුළිනි. එය ඩොලර් 500කි. නමුත් භූතානයේ ආහාර පරිභෝජන වියදම ඩොලර් 05ක් වේ.
මේ අනුව ඉහත කී බරපතළ තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජන වන කාලය අත ලගය. එවන් තත්වයක් හමුවේ මිනී මස් හෝ කා තම බඩ වියත රැක ගන්නට මිනිසුන් පෙලබෙන්නට පිලිවන. ඒ අනුව මේ අපට අසන්නට.., දකින්නට ලැබෙන්නේ ඊට නිදසුන් නොවේද..?
සටහන - චානුක සිටුගේ