පුහුණු තරඟයෙන් ලංකාවට පරාජය
https://33000g.blogspot.com/2014/10/blog-post_29.html
ශී්ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය ඒ කණ්ඩායම අතර පළමු පුහුණු තරගය ඊයේ පැවැත් විය. ඉන් ශී්ර ලංකා කණ්ඩායමට ලකුණු 88ක පරාජයක් අත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් මනෝජ් තිවාරි නායකත්වය දරන ඉන්දිය ඒ කණ්ඩායම ලකුණු 383ක ඉලක්කයක් ලබා දුන් අතර කඩුලුරකින කුමාර් සංගක්කාර සහ උපුල් තරංග හැර ක්රීඩා කළ සියලු ක්රීඩකයින්පන්දුවෙන් ඉංදීය පිළ නවතන්නට දැරූ උත්සාහයන් අසාර්ථක වුණි.
ශී්ර ලංකා කණ්ඩායම සඳහා ඇන්ජලෝමැතිව්ස් (නායක), කුසල් පෙරේරා,උපුල් තරංග,කුමාර් සංගක්කාර,මහේලජයවර්ධන,අෂාන් ප්රියංජන්,තිසර පෙරේරා, නුවන් කුලසේකර,ලහිරු ගමගේ, ධම්මිකප්රසාද් ,සීක්කුගේ ප්රසන්න ඇතුළත් විය.
ඉන්දියානු ඒ කණ්ඩායමේ ලකුණු 382ය කඩුළු 06 කට සීමා කරමින් ලබාගත් අතර ඊට (රෝහිත් ශර්මා 142(පන්දු 111), මනීස් පාන්ඩේ 135(පන්දු 113) අන්මුක්ත්චාන්ඩ් 53(පන්දු 42)ලෙස දායකත්වය ලබාදී තිබුණි.
ධම්මික ප්රසාද් 57/3ක් ද ළහිරු ගමගේ 41/2 ක් ද බිඳ හෙළුහ.
කඩුලු වැටීම (1-96/ 2-310/ 3-373/ 4-373/ 5-375/ 6-382)සටහන් විය.
ශී්ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 294කඩුළු 9ක් තුළ ලබා ගත් අතර උපුල්තරංග 76 , මහේල ජයවර්ධන 33,කුමාර් සංගක්කාර 34, සීක්කුගේ ප්රසන්න 29,අෂාන්ප්රියංජන් 23, තිසර පෙරේරා 13,ඇන්ජලෝ මැතිව්ස් 03, කුසල් පෙරේරා 04, නුවන්කුලසේකර 26,ලහිරු ගමගේ 21, ධම්මික ප්රසාද් 14ක් වශයෙන් ලබා ගත්හ.
කඩුළු බිඳ හෙලීමේදී කරන් ෂර්මා 47/4, කුල්කර්නි 41/2, රසෝල් 56/2වශයෙන් සටහන් විය.
කඩුලු වැටීම (1-4/ 2-42/ 3-111/ 4-146/ 5-166/ 6-173/ 7-224/ 8-241/ 9-242)වශයෙන් සිදු විය.
(සමන් චමිල)