GQ ඔක්තෝම්බර් කලාපයේ කන්ගනා අඩනිරුවත් වෙලා
https://33000g.blogspot.com/2014/10/gq.html
GQ ඔක්තෝම්බර් කලාපයේ කන්ගනා අඩනිරුවත් වෙලා
‘කන්ගනා රනාවුත්’ කියන්නේ කොහොමටත් අර්බුදකාරී චරිතයක්. මොකද අනිත් නිළියන් වගේ ගස්වටේ දුවන රොමෑන්ටික් චරිතම කරනවා වෙනුවට කන්ගනා හැමවෙලාවෙම අභියෝග භාරගන්න දක්ෂ චරිතාංග නිළියක්. ඇය පේ්රමනීය (Romantic), සටන් (Action), හාස්යෝත්පාදක (Comedy) වගේම භයානක (Horror) වර්ගයේ චිත්රපට වලත් තමන්ගේ රංගන හැකියාවන් පෙන්වනවා.
මේ සුරූපි නිළියව මෙවර GQ සඟරාවේ ඉන්දියානු පිටපතේ ඔක්තෝම්බර් කලාපයේ කවරයේ රුවැත්තිය ලෙස තෝරාගෙන තිබෙනවා. කවදාවත් ලැජ්ජාශීලි තරුණියක් නොවූ ඇය සඟරාවේ කවරය මෙන්ම ඇතුලත කතාවද වර්ණවත් කර තිබෙන්නේ ඇයටම ආවේණික වූ සරාගී සිරුර පාඨකයින්ට නිරාවරණය කරමින්.
27 හැවිරිදි කන්ගනා නිරූපිකාවක් ලෙස කටයුතු කොට 2006 වසරේදී ‘Gangster’ චිත්රපටයෙන් සිනමාවට පිවිසියා. 2008 වසරේ තිරගත වූ ‘Fashion’ චිත්රපටයේ මත්ද්රව්ය වලට යොමුවූ නිරූපිකාවගේ චරිතය විශිෂ්ට ලෙස රඟපෑ ඇයට පේ්රක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමු වුනා. මෙම වසරේ තිරගතවූ ‘Queen’ චිත්රපටය ඇයව ජනපි්රයත්වයේ ඉහළටම ගෙන ආවා. ඒ විවාහක තරුණියක් සිය මධුසමය සදහා වූ චාරිකාව තනිව යුරෝපය පුරා ගමන් කරන චරිතය නිරූපනය කිරීම නිසයි. ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කෙරුණ එම චිත්රපටයේ රූ ගත කිරීම් වලදී පොදු වැසිකිලි වලදී පවා තමන්ට ඊළඟ දර්ශනයට ඇදුම් මාරු කිරීමට සිදුවූ බව ඇය පැවසූවා.
සඟරාවේ පලවූ ඇයගේ සරාගී ඡායාරූප පහතින්,