අනියම් සැමියා දියණිය ගැබිනියක් කරලා
https://33000g.blogspot.com/2014/08/blog-post_30.html
ගලහ පොලිස් වසමේ ලෙවලන්ඞ්වත්තේ වතු නිවාසයක පදිංචි දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක ඇගේ මවගේ අනියම් සැමියාවූ, පනස් අට හැවිරිදි සිව්දරු පියකුගේ දුෂණයට ලක්ව ඇතත් දැරියගේ මව සිය අනියම් සැමියා ආරක්ෂාකර ගැනීමට සිද්ධිය හෙළිනොකර වසන් කරන බව, මවගේ නැගණිය (දැරියගේ පුංචි අම්මා) ගලහ පොලිසියට පැමිණිලි කළාය.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගලහ පොලිසියේ කාන්තා කාර්යාංශය, හාරගම කාන්තා සංවර්ධන රැුකවරණ මධ්යස්ථානයේ සිටි දැරිය, අත්අඩංගුවට ගෙන සිද්ධිය පිළිබඳව විමසීමෙන් පසුව වෛද්ය පරීක්ෂණ සඳහා මහනුවර මහ රෝහලට යොමු කිරීමෙන් පසුව මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්ය එම්. සිවසුබ්රමනියම් මහතා, දැරිය මාස හතක ගැබිනියක් බවට වාර්තා කළේය.
පසුව කොළඹ කුරුඳුවත්තේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මවගේ අනියම් සැමියාවූ සෙවනසාමී (58) නමැත්තා කුරුඳුවත්ත පොලිසිය හරහා අත්අඩංගුවට ගත් ගලහ පොලිසිය සැකකරු ඉකුත්දා මහනුවර අංක 2 අතිරේක, මහෙස්ත්රාත් සෙත්සිරි හේරත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත, මුදාහැරීමට නියෝග කළේය.මේ පිළිබඳව ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. කේ. සී. එන්. යූ. කළුආරච්චි මහතා සමග කා.පො.සැ.(4861) ශ්රියානි, පො.සැ.(45218) තිලකරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.