ඉරාකයේ තත්වය සමනය කරන්න ඇමරිකාව කල් ඉල්ලයි

ඉරාකයේ මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා යම් කලක් ගතවිය හැකි බව ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් තිබේ.වොෂින්ටනයේදී පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඔහු මේ  බව පවසා ඇත්තේ රට එක්සත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉරාක ජාතිකයන් හට යළි සිතීමට සිදුව ඇති බවයි.
මේ සඳහා ඉරාකය තුළ එක්සත් ආණ්ඩුවක් ගොඩනැගීම කඩිනම් කළ යුතු බව ඔහුගේ අදහසවේ.පසුගියදා ඉරාකය වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡවකදී ඔබාමා පවසා ඇත්තේ ඇමරිකාව ඉරාක ගුවන් හමුදාවේ කර්තව්‍යය ඉටු කිරීමට සූදානමක් නොමැති බවයි.
 එසේ වුවද ඉරාකය හා සිරියාව තුළ මුස්ලිම් කාලිෆ් රාජ්‍යයක් ගොඩනැගීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා ඇත.ඔබාමා සඳහන් කර ඇත්තේ ඇමරිකානු ගුවන් බලයට ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් කෙටි කලකට පසුබැස්විය හැකි වුවත් එය නැවතුනු විට නැවත ඔවුන් පැමිණීම නැවැත්විය නොහැකි බවයි.

Related

World News 2451491776181445320

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item