ආක්ෂේ කුමාර් අයිස් වතුර නාගෙන සල්මන් ඛාන්ට අභියෝග කරයි (VIDEO)
https://33000g.blogspot.com/2014/08/video.html
බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්, චාලක න්යුරෝන අබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා වන අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක අයිස් බකට් අභියෝගය (The global Ice Bucket Challenge) භාරගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.
ඔහුට එම අභියෝගය කරනු ලැබ ඇත්තේ, බොලිවුඩ් නළු රිටීෂ් දේශ්මුඛ් විසිනි.
ආක්ෂේ කුමාර් එම අභියෝගය, සුපිරි නළු සල්මන් ඛාන්, ට්වින්කල් ඛන්නා සහ අෂ්විනී යාඩි වෙත ඉදිරිපත් කර තිබේ.
ඉන්දීය මාධ්ය පවසන්නේ, ආක්ෂේ කුමාර්ගේ අභියෝගයට සල්මන් ඛාන් ප්රතිචාර දක්වන තුරු ඉන්දීය වැසියන් බලා සිටින බව ය.
මීට පෙර, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ටිම් කුක්, ජස්ටින් බීබර් වැනි ලෝක ප්රකට පුද්ගලයින් රැසක් මෙම අභියෝගය භාරගෙන තිබිණි.