දුම්රියේදී පියයුරු මිරිකූ තරුණයා



දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට සැකපිට දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කොටුව මහෙස්ත‍‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත‍‍‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
පසුගිය ඉරිදා (17දා* හික්කඩුවෙන් දුම්රියට නැග කොළඹ කොටුව බලා ගමන් ගනිමින් සිටි රත්ගම ප‍‍‍්‍රදේශයේ කාන්තාවකට අලූ‍ත්ගම ප‍‍‍්‍රදේශයෙන් දුම්රියට ගොඩවුණු තෙන්නකෝන් මුදියන්සේලාගේ පේ‍‍‍්‍රමසිරි නමැති මෙම සැකකරු ඇÛට හේත්තුවීමට තැත් කරමින් ලිංගික අතවර සිදුකොට ඇත. පසුව ඇය වෙනත් ස්ථානයකට ගොස් ඇති අතර, එම ස්ථානයටද පැමිණ ඇයගේ පියයුරුවලින් අල්ලා මිරිකා ඇත.එම අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් සැකකරු අල්ලා ආරක්ෂක අංශයට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත‍‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related

Gossip 2628807614465986204

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item