හිතන විදිහ ලස්සන නම් වයසට යනවා පේන්නේ නෑ - අශිකා මතසිංහ
https://33000g.blogspot.com/2014/08/gossip-chat-with-ashika.html
හේඞී ටෙලි සිත්තමෙහි හේඩි ට පණ පොවමින් හේඩි ලෙස අදටත් ඉමහත් ජනප්රියත්වයක් දිනා සිටින අශිකා මතසිංහ මේ දිනවල අපට හමු වන්නේ හිම කඳු කළු අරලියා යන ටෙලි නාට්ය ඔස්සේය. ඉතින් ඇගේ අලූත් තොරතුරු ගැන දැන ගන්න රිසියෙන් හමුවී කතා බහ කරන්න හිතුණත් අශිකාගේ පදිංචියත් වෙනස් වෙලා නිසා ඇයව හමු වෙන්න නම් දැන් පහසු නැහැ. නමුත් පහු ගිය දිනවල රගපෑම් කටයුතු වලට නැවතත් කෙළඹ ඇවිත් ඉන්නවයි කියලා ආරංචිය ලැබුණු ගමන් අපි හිතුවා අශිකාට කතා කරන්න. ඉතින් අපේ ආරාධනය සිය සුපුරුදු ළෙන්ගතුකමින් බාර ගත් ඇය ඔන්න ලැබුණු කෙටි ඉඩකඩකදි අප හා කතා බහට එකතු වුණා.අශිකා කාලෙකට පේන්න ඉන්නවා. කාලෙකට පේන්න නැත්තේ මොකද?
මුල් කාලේදී එක දිගට වැඩ කළා. ඊට පස්සේ වැඩට ගියා, විවාහ වුණා, බබාලා ලැබුණා. ඉතින් ඔය කාලේදී වැඩ කරන්න ලැබුණේ නැහැ වගේම මුල් කාලේදී රංගනය ගැන ලොකු ආසාවක් තිබුණෙත් නැහැ. රංගනය කියන්නේ මොකද්ද කියලා දැන ගත්තට පස්සේ නම් රගපාන්න තිබුණ කැමැත්තත් එක්ක නිර්මාණ වලට සම්බන්ධ වුණා. නමුත් ඒවා ටෙලි කාස්ට් වෙන්නේ කාලෙන් කාලෙට.
රංගනය ගැන ඔය තරම් මොනවද දැන ගන්න තිබුණේ?
චරිතෙන් චරිතෙට වෙනස් වීම යනු මොකද්ද, වෙනස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තහම දැන් ඇක්ට් කරනවා කියන දේ මට දැනෙනවා. මෙච්චර කල් මා කරන නිර්මාණ ඔස්සේ මෙන්ම ඇක්ටින් ගැනත් අනෝජා විරසිංහ වැනි ප්රවීණයන්ගෙන් ඉගෙන ගත්තා. රංගනය කියන්නේ මොකද්ද කියලා හරියටම මගේ ඔළුවට දැම්මේ ඇයයි.
ඔබ හිතන්නේ රංගනයට හැදෑරීම අත්යවශ්යයි කියලද?
බලාගෙන ඉඳලත් ඉගෙන ගන්න පුළුවන්. දැන් වුණත් සෙට් එකේදී සීනියර් ආර්ටිස් කෙනෙක් රගපාද්දී බලන් ඉන්නවා. නමුත් අත්දැකීමෙන් ගන්නා දැනුමට ඒ
විෂය ගැන හැදෑරීමෙන් ලැබෙන දැනුම කෙනෙකුගේ තිබෙන හැකියාවට තව අගයක්, වටිනාකමක් එකතු වෙනවා.
ප්රධාන චරිතය නිරුපණය කරන ඔබ සමහර ටෙලි නාට්ය ඔස්සේ දකින්න ලැබෙන්නේ සහාය චරිත වලට?
එකිනෙකට වෙනස් චරිත කිරීමෙන් මම දැන් ලොකු තෘප්තියක් ලබනවා. මට ලැබෙන්නේ ප්රධාන චරිතයද සහාය චරිතයද කියන කරුණ නෙමෙයි මූලික වෙන්නේ. එතනදි ඒ චරිතය ඔස්සේ කරන්න පුළුවන් දේ. ඉතින් ඒ ලැබෙන චරිතයෙන් වෙනසක් කරන්න පුළුවන් නම් එය සහාය චරිතයක් වුණත් ගැටලූවක් නැහැ.
රංගන කටයුතු වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?
ඔහු මාව නොසෑහෙන්න දිරිමත් කරන් කෙනෙක්. මම හරි වාසනාවන්තයි එවැනි සැමියෙක් ලබන්න. මම බාර ගන්න චරිත වුණත් ඔහු ඒ ගැන වෙනම හැදැරීමක් කරලා ඔහුගේ අදහස් මා එක්ක බෙදා ගන්නවා. හැම දේ ගැනම හොයලා බලනවා. ඔහුගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ.
ඔබ මෙතෙක් රගපෑ චරිතවලින් ඔහුගේ හද දිනු චරිතය කුමක්ද?
හේඞී ඔහු ඒ චරිතයට හරි කැමැතියි.
අම්මාගේ රංගනය ගැන ඔබේ දුවයි පුතයි මොකද කියන්නේ?
එයලා හරිම කැමැතියි මම රගපානවා බලන්න. ටී. වී එකේ මම ඉන්න නාට්යයක් යද්දි පුදුම සතුටකින් බලන්නේ.
කාර්යබහුල වුණාම ගෙදර වැඩ කටයුතු කරන්නේ කවුද?
කොච්චර කාර්යබහුල වුණත් ඒ වැඩ කටයුතු සේරම මගේ අතින් කෙරෙන්නේ. මහත්තයා වුණත් කැමැතියි මම හදන කෑමවලට. එ නිසා අනිවාර්යෙන්ම උයනවා. ඉතින් මගේ අතින් වැඩ කටයුතු සේරම වෙද්දි ජීවිතේ ලස්සනයි කියලා මට හැගෙනවා
එහෙනම් අශිකාට රසට ඉවුම් පිහුම් පුළුවන් ඇති. ගෙදර වැඩිම ඉල්ලූම තියෙන්නේ මොන වගේ කෑම වලටද?
මම හදන පරිප්පු සහ අල හොදි කන්න තමයි ගොඩක්ම කැමැතියි.
කොළඹ හිටපු ඔබ ඇයි දැන් පදිංචිය වෙනස් කරලා?
මගේ සැමියා සේවය කරන්නේ ගුවන් හමුදාවේ. ඔවුන් අනිවාර්යයෙන්ම වසර දෙකක් දුර පළාතක සේවයේ යෙදිය යුතුයි. ඉතින් ඒ වසර දෙක තමයි මේ ගෙවෙන්නේ. බබාලා තවම පාසල් යන වයසේ නොවන නිසා ප්රශ්නයක් නැහැ. එයාලා පාසල් යන කාගේ වෙද්දි අපිට කොළඹ යන්න පුළුවන්.
කාත් කවුරුත් නැති දුර පළාතකට වෙලා ඉන්න පාළු නැද්ද?
ඔව්. ඉක්මනටම කොළඹ එන එක තමයි ඉතින් ලොකුම බලාපොරොත්තුව. උදේ හස්බන්ඞ් වැඩට ගියහම හවසට එනකන් කෑම ටිකත් උයාගෙන මග බලන් ඉන්නවා. ඔය විදිහට තමයි මෙහෙ එදිනෙදා දවස ගෙවෙන්නේ.
දරුවන් දෙදෙනකුගේ මවක් වුණත් ඔබේ තරුණ බව නම් තවම එහෙමමයි?
මම හිතන්නේ අපි හිතන විදිහ ලස්සන වුණොත් ඇත්තටම අපි වයසට යනවා පේන්නේ නැහැ. මම හැම වෙලේම සතුටින් ඉන්නවා.
සිනමාවට එකතු වෙන්න තවම අවස්ථාවක් ලැබුණේ නැතිද?
ඇත්තටම සිනමාවට සම්බන්ධ වෙන්න මම ගොඩක් කැමැතියි. ඒත් සමහර අය හිතන්නේ මම රගපාන්නේ නැහැ කියලා. පහු ගිය කාලේ ආරධනා කිහිපයක් ලැබුණත් ඒ චරිත කරන්න මට බැහැ. ඉතින් කාලෙයි වෙලාවයි ආවහම බලමු.
අශිකා දැන්වීම් නිරූපණ කටයුතු වලට සමු දීලා වගෙයි?
නැහැ. කාල වේලාව වෙන් කරගන්න බැරි ප්රශ්න නිසා පහු ගිය කාලේ දැන්වීම් කටයුතු වලට සහභාගී වෙන්න බැරි වුණා.
ඒ කියන්නේ ඔබ දැන් වෘත්තිමය නිළියක් නිසා ඒ කටයුතු වලටයි ඔබේ මුලිකත්වය ලැබෙන්නේ කියලද?
ඔය ප්රශ්නෙට හරි උත්තරයක් දෙන්න නම් මට තේරෙන්නේ නැහැ. මම වෘත්තීමය නිළියක් කියන්නත් බැහැ. රගපෑමෙන් තෘප්තියක් ලැබෙනවා. හැබැයි වියදම් කටයුතු ඔක්කෝම හස්බන්ඞ් කරන්නේ.
ටානියා මෝසස්