රෙබෙකා නිර්මලී ජිවිතයට සමුදෙයි

රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී මහත්මිය මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වුණා. පිළිකා රෝගයෙන් පීඩාවිඳි නිසා ඇය මෙලෙස රෝහල් ගතව සිටියේ මාස 02ක් පමණ තිස්සේයි.

මුලින් වේදිකා නාට්‍යවල රගපෑ රෙබේකා නිර්මලී මහත්මිය වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය ජයගත්තා. සමනල සංධ්වනිය සහ උත්තරා ඇය රඟපෑ චිත‍්‍රපට කිහිපයක්.

අභාවප‍්‍රාප්ත වන විට 49 වැනි වියේ පසුවු රෙබෙකා නිර්මලී මහත්මිය එක්දරු මවක ද වනවා. අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. 

Related

Hot News 3334307427820429404

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item