ටෙලිෆොන් හා SMS නිසා අද රජයේ සේවකයන්ට රාජකාරි ලියුමක්වත් හරියට ලියාගන්නවත් බෑ
https://33000g.blogspot.com/2014/08/sms.html
අද වන විට රාජ්ය සේවකයන් දුරකතන සහ එස්. එම්. එස්. භාවිතය වැඩි බැවින් හරියට රාජකාරී ලියුමක් ලියාගන්න බැරි වී ඇති බව බස්නාහිර පළාත් අමාත්ය උයද ප්රභාත් ගම්මන්පිල මහතා පවසයි.
ඉලක්ක නැතිකමින් අසුභවාදීව හිතන්නට රාජ්ය සේවයේ බහුතරයක් පුරුදු වී ඇති බව සදහන් කළ ඇමතිවරයා අලූතින් පත්වීම් ලබ අය පළාත් සභාවේ ප්රධාන තනතුරට යාමට ඉලක්ක තබාගත යුතු බවත් හද ඉලක්ක කර ගලක් ගැසුවොත් අඩුම තරමින් තරුවකට හෝ වදින්නට ඉඩ තිබෙන බවත් කියා සිටියේය.
ඇමතිවරයා මෙසේ සඳහන් කලේ බස්නාහිර පළාත් රාජ්ය කළමනාකරණ සහකාර සේවයට 121 දෙනෙකු අලූතින් බදවාගැනීම වෙනුවෙන් ප්රධාන අමාත්ය කාර්යාලයේ පැවති උත්සවයකදීය.
‘හැමදාම නිලධාරීන් කියන දේ තමයි බලන්නකෝ සර් හදලා යැව්වා ආයෙත් හරවලා එවලා කියන එකයි. ආයෙත් කරන්නෙ ඇයිද කියා සොයාබලද්දී පෙනීගියේ යවන ලිපිවල අඩුපාඩු නිසා හරවලා එවන බවයි. ලියුම්වල කියන දේ හරියට ලියවිලා නෑ. අනේ අද අපේ බොහෝ දෙනෙකුට ලියුම් ලියාගන්න බෑ.
දැන් එස්. එම්. එස්. ඇවිල්ල තියෙන නිසා දුරකතන ඇවිල්ල තියෙන නිස ලිපි ලිවීමේ හැකියාව දුර්වල වෙලා. සන්නිවේදන හැකියාව් රාජ්ය සේවයට ඉතාම වැදගත්. මම කියන්නේ අපේ තියෙන ලොකුම දුර්වලකම තමයි ලියුමක් ලියාගන්න බැරිකම. ඒකට හොදම දේ තමයි පුහුණුවක් දෙන එක. අර හරවා යවන ලියුම් හත අටක් ගෙනල්ලා මේ අයට පෙන්නලා මේවා හරවා එවන්න හේතුව පැහැදිලි කළා නම් හරියට ලියුම් ලියන්න මේ අය ඉගෙන ගනීවි’ යැයිද ගම්මන්පිල මහතා එහිදී කියා සිටියේය.