රෙබෙකාගේ අවසන් රඟපෑම "සකුණ සාදය"යි (VIDEO)
https://33000g.blogspot.com/2014/08/video_59.html
රෙබෙකා නිර්මලී අවසන් කාලයේදී රඟපෑ 'සකුණ සාදය' ටෙලිනාට්යයේ කටයුතු මෙතක් අවසන් කර නොමැති බව කලා ලෝකයේ ආරංචි මාර්ග පවසයි.උදයන්ති කුලතුංග,ජගත් චමිල,රම්යා වනිගසේකර ඇතුළු පිරිසක් ඒ සඳහා රංගනයෙන් දායකත්වය දක්වා ඇත.
රන්දීප මීඩියා නිෂ්පාදනයක් වන 'සකුණ සාදයේ'උඩරට ගැමි මවකගේ චරිතයට පණ දුන් ඇයගේ දරුවන් ලෙස රංගනයේ යෙදෙන්නේ ජගත් සහ උදයන්ති දෙදෙනායි.
වසර 25ක් වන රෙබෙකාගේ කලා දිවිය පුරාවටම තිබුණේ සරල, සන්සුන් බවකි.
වේදිකාව, ටෙලිනාට්යය, සිනමාව ඇය අපූරුවට ග්රහණය කර ගත්තාය. අනුරාධපුරය වැනි සෞන්දර්යාත්මක මෙන්ම පූජනීය නගරයක උපන් ඇය තුළ ගම හා බැඳුණු අභියෝග මැඩගෙන ජීවිතයට මුහුණදීමේ ශක්තිය නොමදව තිබිණ. මල් කඩාගෙන හැමදාමත් මිහිඳු ආරණ්ය සේනාසනයට බුදුන් වඳින්න ගිය ඇය සැමදා සිතුවේ මුල හොඳනම් අනාගතය සුභමැයි යන්නය.
(එම සකුණ සාදය ටෙලිනාට්යයේ විශේෂ කොටස් පහතින් නරඹන්න)
