ඓශ්චර්යයේ බස්නැවතුම ඓශ්චර්යයේ පාලමෙන් වැසේ
https://33000g.blogspot.com/2014/09/blog-post_68.html

අව්වට තෙමෙමින් වැස්සට වේළෙමින් සිටින්නට බත්තරමුල්ල දියවන්නා උයන අසල පසුගිය කාලයේ ඉදිකළ ලස්සන බස් නැතුම්පොළ ගැන වැඩි වශයෙන් කතා බහට ලක්වූ යේ ඒ සඳහා රුපියල් මිලියන2.5ක් වැයවූ බවට රාවයක් පැතිරීමත් සමගමය. විමල් වීරවංශ අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව කතා කළේ මෙසේය.
'ගරුනියෝජ්ය සභාපතිතුමනි, බත්තරමුල්ල රාජ්ය ඉංජිනේරු සංස්ථාව ළඟ කෙසෙල්කොලයක ආකෘතියට හදලා තිබෙන බස්නැවතුම ගැන මෙතුමන්ලා ප්රශ්න කළා. ඉතාමපැහැදිලිව කියන්න කැමතියි ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක් වැය වුණේ නැහැ කියලා.කෙසෙල් කොලේ ආකෘතියට අනුව හදපු බස්නැවතුම්පොළට වියදම් වුණේ ලක්ෂ 17යි'
අමාත්යවරයා පැවසූ පරිදි රුපියල් ලක්ෂ 17 ක වියදමක් දරා හෝ සෑදූ මෙම බස්නැවතුම ට තිත තබන්නට කාලය උදාවී තිබේ. එහෙත් රාජ්ය ඉංජිනේරු සංස්ථාව විසින් ශී්ර ලංකාවේප්රමුඛපෙලේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුවඔහුගේ සැලැස්මකින් මෙම බස් නැවතුම ඉදිකෙරුණා. එහි විවෘත්ත කිරීමේ උත්සවයේදී මෙම බස් නැවතුම හැදින්වූයේ 'ඓශ්චර්යයේ බස්නැවතුමක්' ලෙසිනි.
එහෙත් දියවන්නා ඔය හරහා ඉදි කෙරෙන නව පාලමක් හේතුවෙන් මෙම බස් නැවතුම මේ වන විට භාවිත කළ නොහැකි තත්වයක් උදා වී ඇත.