අයවැයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

අයවැයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි 
අයවැය මගින් වැඩිකළ රජයේ සේවක වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතුකර ලබන ජුලි 01 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
2015 අයවැය හරහා කළ වැටුප් වැඩිකිරීම ලබාදෙන තෙක් ලක්ෂ 14ක් වන මෙරට සියලු රජයේ සේවකයන්ට රුපියල් 3,000 ක් හා සියලු විශ‍්‍රාමිකයන්ට රුපියල් 2,500 ක් බැගින් අන්තර් දීමනාවක් ලෙස ලබන නොවැම්බර් 01 වැනිදා සිට ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.
රජයේ සේවකයන් සඳහා මෙතෙක් තුන් වතාවකදී ලබාදුන් සියයට 20ක විශේෂ දීමනාව සහ මෙවර අයවැයෙන් ලබාදුන් රුපියල් 2,200 ක වැටුප් වැඩිකිරීම ඊට ඇතුළත් වෙයි. 
රාජ්‍ය සේවකයන් සඳහා 2011 දී 5% ක්, 2012 දී 10% ක් සහ 2013දී 5% ක් වශයෙන් මෙම විශේෂ දීමනාව ලබාදී ඇත.

Related

News 7167764392645514519

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item